දින 14 ක් තුළ  බීමත් රියදුරන් 3879ක් අත්අඩංගුවට

දින 14 ක් තුළ බීමත් රියදුරන් 3879ක් අත්අඩංගුවට

by Staff writer 19-07-2019 | 12:45 PM
දින 14 ක් තුළ කළ මෙහෙයුම්වලින් බීමත් රියදුරන් 3879 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය ප්‍රකාශ කළේය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධීකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවෙ දිවයින පුරා බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම්, පසුගිය 5 වැනිදා ආරම්භ කළ බවයි. අද උදෑසන 6 න් අවසන්වූ පැය 24 තුළ පමණක් බීමත් රියදුරන් 177 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළේය.