ජාතික පොලිස් කොමිසමේ ලේකම්වරයා රක්ෂිත බන්ධනාගාරයට

ජාතික පොලිස් කොමිසමේ ලේකම් සමන් දිසානායක රක්ෂිත බන්ධනාගාරයට

by Staff writer 19-07-2019 | 5:39 PM
COLOMBO (News 1st) : ජාතික පොලිස් කොමිසමේ ලේකම් සමන් දිසානායක මහතා ලබන 2 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. ඒ ගංගොඩවිල වැඩබලන නිල නොලත් මහේස්ත්‍රාත් නීතිඥ තිස්ස විජේරත්න මහතා ජයවර්ධනපුර රෝහලට ගොස් සැකකරු නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවයි. ඇවන්ට්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ පස්වරුවේ ශ්‍රී ජයවර්ධපුර මහරෝහලේදී සැකකරු අත්අඩංගුවට ගනු ලැබී ය. සැකකරු ලබන 02 වනදා ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළ වැඩබලන මහේස්ත්‍රාත්වරයා යම්කිසි හෙයකින් ඔහු අධිකරණය ඉදිරිපත් කළ නොහැකි මට්ටමක සිටී නම්, ඔහුගේ රෝගී තත්ත්වය පිළිබඳව වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස නියෝග කළේ ය. ගාල්ල මහේස්ත්‍රාත්වරයා විසින් කරන ලද දැනුම්දීමක් අනුව ජයවර්ධනපුර රෝහල අයත් අධිකරණය බල ප්‍රදේශය වන ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත්වරයා සැකකරු නිරීක්ෂණ කරනු ලැබී ය.