ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 9 දෙනෙකුට උසස්වීම්

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 9 දෙනෙකුට උසස්වීම්

by Staff writer 19-07-2019 | 7:26 PM
COLOMBO (News 1st) : ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 09 දෙනෙකු නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කර තිබේ. ඒ ජාතික පොලිස් කොමිසන් සභාවේ, අනුමැතිය පරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් සම්මුඛ පරික්ෂණයේදී ලබාගත් ලකුණු අනුපිළිවෙල අනුවයි. මේ අතර දිර්ඝ කාලයක් තිස්සේ උසස් වීම් නොලැබූ පොලිස් නිලධාරීන් 31,500 කට එකවර උසස්වීම් ලබාදීමට ද අවධානය යොමුව තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිළධාරින් අතර අද පෙරවරුවේ පැවති සාකච්ඡාවකදී මේ පිළිබදව අවධානය යොමු වු බවයි. පොලිස් කොස්තාපල් තනතුරේ සිට පොලිස් පරීක්ෂක තනතුර දක්වා 31,500 කට පමණ පිරිසකට කාණ්ඩ කිහිපයක් යටතේ එවකර බලපැවැත්වෙන පරිදි උසස් වීම් ක්‍රියාත්මක කිරීමට ද අදාළව මෙහිදී සාකච්ඡා වී තිබේ. මීට අමතරව පොලීසියේ පහළ ශ්‍රේණිවල නිලධාරීන්ගේ සුබසාධන කටයුතු පිළිබඳව ද මෙම සාකච්ඡාවේදී දිර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා වූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක සඳහන් ය.