ගම්මැද්ද ගෙයින් ගෙට ක්‍රියාන්විත දෙවන දිනටත්

ගම්මැද්ද ගෙයින් ගෙට කණ්ඩායම් මාතලේ, කළුතර සහ යාපනයට

by Staff writer 19-07-2019 | 5:08 AM
COLOMBO (News 1st): මහජන ගැටලුවලට සංවේදී සැබෑ බලකායක අවශ්‍යතාව සපුරමින් ඇරඹුණු ගම්මැද්ද ගෙයින් ගෙට ගමන් කරන සිව්වැනි ක්‍රියාන්විතයේ දෙවැනි දිනය අදයි. අදත් අප කණ්ඩායම් 3ක් දිවයිනේ දිස්ත්‍රික්ක තුනක සංචාරය කරමින් මෙතෙක් නොවිසඳුණු ජනතා ගැටළු හඳුනා ගැනීමට සූදානමින් සිටී. ඒ, අනුව මාතලේ, කළුතර සහ යාපනය දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් අද දිනයේත් ගම්මැද්ද ගෙයින් ගෙට ක්‍රියාන්විතය ක්‍රියාත්මක කෙරේ. ගම්මැද්ද ගෙයින් ගෙට ක්‍රියාන්විතය දියත් කෙරෙන්නේ දිස්ත්‍රික්ක 25 ම ආවරණය වන පරිද්දෙනි. පෙර අවස්ථාවලදී මෙන්ම මෙවරත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථීන් ගම්මැද්ද ගෙයින් ගෙට වැඩසටහන හා එක්වීම විශේෂත්වයකි.