ගම්පහට පැය 18ක ජල කප්පාදුවක්

ගම්පහ ප්‍රදේශ රැසකට පැය 18ක ජල කප්පාදුවක්

by Staff writer 19-07-2019 | 5:21 AM
COLOMBO (News 1st): ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට අද පෙරවරු 8 සිට පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. විදුලිබල මණ්ඩලයේ අලුත්වැඩියාවක්, ඊට හේතුවයි. ඒ, අනුව කැලණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, ජාඇල සහ ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටවනු ඇති. ඊට අමතරව පෑලියගොඩ, වත්තල, ජා-ඇල, සහ කටුනායක - සීදූව නගර සභා බල ප්‍රදේශවලට ත් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කළේය.