ඉරාන ඩ්‍රෝන යානයකට අමෙරිකාවෙන් ප්‍රහාරයක්

ඉරාන ඩ්‍රෝන යානයක් බිම හෙලූ බවට අමෙරිකානු ජනපතිගෙන් ප්‍රකාශයක්

by Staff writer 19-07-2019 | 7:19 AM
(News 1st): ගල්ෆ් මුහුදට ඉහළ ගුවන් අවකාශයේදී ඉරාන ඩ්‍රෝන යානයක් වෙඩි තබා බිම හෙලූ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ධවල මන්දිරයේ පැවති උත්සවයකදී ඔහු සඳහන් කළේ, ජාත්‍යන්තර මුහුදු සීමාවට අයත් හෝමූස් සමුද්‍ර සන්ධියේදී සිය නෞකාවකට බලපෑම් කළ ඩ්‍රෝන යානයක් එලෙස බිම හෙලූ බව ය. ජාත්‍යන්තර මුහුදු සීමාවේ යාත්‍රා කරන නෞකාවලට එරෙහිව ඉරානය සිදු කරන ප්‍රකෝපකාරී ක්‍රියාවල නවතම සිදුවීම මෙය වන බව ද අමෙරිකානු ජනාධිපතිවරයා පවසයි. අමෙරිකාව එම ප්‍රහාරය එල්ල කර ඇත්තේ සිය නෞකාව ආරක්ෂා කරගැනීමේ අරමුණිනි. ඉරාන විදේශ අමාත්‍ය මොහොමඩ් ජාවඩ් සරීෆ් සඳහන් කළේ, සිය ඩ්‍රෝන යානයක් විනාශ වූ බවට මෙතෙක් කිසිඳු තොරතුරක් වාර්තා වී නොමැති බව ය. කෙසේ වෙතත් මේ සමග දෙරට අතර ගැටුම් උත්සන්න වනු ඇතැයි දේශපාලන විචාරකයින් පවවසයි.