අදත් මහ වැසි සමග තද සුළං

අදත් මහ වැසි සමග තද සුළං

by Staff writer 19-07-2019 | 1:02 PM
මධ්‍යම ,සබරගමුව පළාත් අතුළු ප්‍රදේශ රැසකට මිලිමීටර 100 ත් 150 ත් අතර ඉතා තද වැසි තවදුරටත් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේය. ප්‍රදේශ රැසක් හරහා හමා යන සුළං තත්ත්වය ද තවදුරටත් පවතින්නේ ඉහළ අගයකයි. ඒ අනූව සුළං වේගය පැයට කිලෝමීටර 70 ත් 80 ත් දක්වා සුළං වේගය ඉහළ යා හැකි වේ. පවතින වර්ෂාවත් සමග රත්නපුර, නුවරඑළිය කෑගල්ල මහනුවර කළුතර මාතර සහ ගාල්ල දිස්ත්‍රික්කවලට නිකුත් කළ නායයෑමේ අනතුරු ඇගවීම් අද පස්වරුව දක්වා ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සදහන් කළෙය. ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නායයාම් අංශයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධිර මහතා සදහන් කළේ ජනතාව මේ පිළිබදව අවධානය යොමු කරන ලෙසයි. මේ අතර මන්නාරම පුත්තලම කොළඹ ගාල්ල හා හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මහුදු ප්‍රදේශවල සුළං වේගය ඉහළ යාම හේතුවෙන් එම මුහුදු පදේශ ඉතා රළුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි ඒ හේතුවෙන් තවදුරටත් මුහුදු යාමෙන් වළකින්නැයි ධීවර දෙපාර්තමේන්තුව ධීවරයින්ට දැනුම් දෙයි.