බහුදින ධීවර යාත්‍රා 30 කට අධික සංඛ්‍යාවක් මාලදිවයින දෙසට ගසාගෙන ගිහින්

බහුදින ධීවර යාත්‍රා 30 කට අධික සංඛ්‍යාවක් මාලදිවයින දෙසට ගසාගෙන ගිහින්

බහුදින ධීවර යාත්‍රා 30 කට අධික සංඛ්‍යාවක් මාලදිවයින දෙසට ගසාගෙන ගිහින්

කර්තෘ Staff writer

19 Jul, 2019 | 12:52 pm

අධික සුළං සහිත අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් ජාත්‍යන්තර මුහුදේ යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා 30 කට අධික සංඛ්‍යාවක් මාලදිවයින දෙසට ගසා ගෙන ගොස් ඇති බව ධිවර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

එහි සෝදිසි මෙහෙයුම් අංශයේ අධ්‍යක්ෂ පත්මප්‍රිය තිසේරා මහතා සදහන් කළේ අදාළ යාත්‍රාවලට මාලදිවයින් මුහුදු සීමාවට ඇතුළු විමට අවසර ඉල්ලා ඇති බවයි.

ඒ පිලිබදව විදේශ කටයුතු අමාත්‍යංශය හරහා මාලදිවයින් බලධාරීන් දැනුවත් කර ඇති බවද ඔහු පැවසුවේය.

ඒ මහතා ප්‍රකාශ වැඩිදුරටත් ප්‍රකාශ කළේ අදාළ ධීවර යාත්‍රා සමග නිරන්තරයෙන් සම්බන්ධ වෙමින් ධීවරයින්ගේ ආරක්ෂාව සදහා අවශ්‍ය උපදෙස් ලබා දෙන බවයි.

මේ අතර අයහපත් කාලගුණය හේතුවෙන් දියඹේ අනතුරට ලක්වූ යාත්‍රා ඇත්දැයි නාවික හමුදාව සමග එක්ව පරීක්ෂා කරන බවද ඔහු පැවසීය.

අධ්‍යක්ෂවරයා සදහන් කළේ නැවත දැනුම් දෙන තුරු මන්නාරම පුත්තලම කොළඹ ගාල්ල හා හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදීමෙන් වලකින ලෙසයි

 

බහුදින ධීවර යාත්‍රා 30ක් මාලදිවයින දෙසට ගසාගෙන යයි

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]