ගම්පහ ප්‍රදේශ රැසකට පැය 18ක ජල කප්පාදුවක්

ගම්පහ ප්‍රදේශ රැසකට පැය 18ක ජල කප්පාදුවක්

ගම්පහ ප්‍රදේශ රැසකට පැය 18ක ජල කප්පාදුවක්

කර්තෘ Staff writer

19 Jul, 2019 | 5:21 am

COLOMBO (News 1st): ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට අද පෙරවරු 8 සිට පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

විදුලිබල මණ්ඩලයේ අලුත්වැඩියාවක්, ඊට හේතුවයි.

ඒ, අනුව කැලණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, ජාඇල සහ ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටවනු ඇති.

ඊට අමතරව පෑලියගොඩ, වත්තල, ජා-ඇල, සහ කටුනායක – සීදූව නගර සභා බල ප්‍රදේශවලට ත් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කළේය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]