එංගලන්තයේ බෙන් ස්ටොක් නවසීලන්තයේ ගෞරවනීය සම්මානයකට

එංගලන්තයේ බෙන් ස්ටොක් නවසීලන්තයේ ගෞරවනීය සම්මානයකට

එංගලන්තයේ බෙන් ස්ටොක් නවසීලන්තයේ ගෞරවනීය සම්මානයකට

කර්තෘ Staff writer

19 Jul, 2019 | 4:01 pm

COLOMBO (News 1st) : වසරේ නවසීලන්ත ජාතිකයාට හිමි සම්මානය සඳහා සුපිරි එංගලන්ත ක්‍රීඩක බෙන් ස්ටොක්ගේ නම නිර්දේශවී තිබේ.

බෙන් ස්ටොක් මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව එංගලන්තයට දිනා දීම සඳහා සුවිශේෂි දායකත්වයක් ලබා දුන්නේ ය.

අවසන් තරගයේ වීරයා ද වූ ඔහු එංගලන්තය ජයග්‍රහණය කරා ගෙන ගෙන ගියේ ය.

28 හැවිරිදි බෙන් ස්ටොක් 2011 වසරේදී එංගලන්ත ජාතික කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාව උදා කරගත්තේ ය.

බෙන් ස්ටෝක්ගේ දෙමව්පියන් නවසීලන්ත ජාතිකයන් වන අතර, ස්ටෝක්ද උපත ලැබූයේ නවසීලන්තයේ ක්‍රයිස්චර්ච්හිදීයී.

වසර 12 ක් නවසීලන්තයේ ජීවත් වූ ස්ටොක් එංගලන්තයට පැමිණෙන්නේ සිය මාපියන් එරට වාසය කිරීමට තීරණය කිරීමත් සමගයි.

ඔහුගේ ජන්ම භූමිය, නවසීලන්තය වීම හේතුවෙන්, මෙලෙස බෙන් ස්ටෝක්ට නවසීලන්ත ජාතිකයෙකුට ලබා දෙන ඉහළම ගෞරව සම්මානයක් වන වසරේ නවසීලන්ත ජාතිකයාට හිමි සම්මානයට නිර්දේශ වී තිබේ.

මේ අතර, ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අනු ශූරයන් වූ නවසීලන්තය තරගාවලියේ වීරයා වෙමින් අවසන් තරගය දක්වා කැඳවා ගෙන ආ එරට ක්‍රිකට් නායක කේන් විලියම්සන් ද ඉහත සම්මානයට නිර්දේශවී තිබේ.

ලබන වසරේ පෙබරවාරි මස පවත්වන ලබන සම්මාන උළලේදී ජයග්‍රාහකයා නිවේදනය කිරීමට නියමිතයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]