by Staff writer 18-07-2019 | 12:05 PM
COLOMBO (News 1st) ශ්‍රී ලංකාව තුළ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරිම තව දුරට ත් අත්හිටුවන්නැයි යුරෝපා සංගමය ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කළේය.
ඒ, එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් යුරෝපා සංගමය සහ එහි සාමාජික රටවල තානාපතිවරු පිරිසක් අද පෙරවරුවේ හමුවූ අවස්ථාවේදී ය.
මෙරට තුළ මරණ දඬුවම අහෝසි කරන ලෙස ත්, එහිදී ඔවුන් යළි අවධාරණය කළේය.
යුරෝපා සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, නියෝජිත මණ්ඩලය ප්‍රංශ, ජර්මන්, ඉතාලි, නෙදර්ලන්ත, රුමේනියා තානාපති කාර්යාලය සහ එක්සත් රාජධානී මහ කොමසාරිස් කාර්යාලවල එකඟතාව මත මෙම තීරණයට එළැඹි බව ය.