මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට මහ වැසි

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට මහ වැසි

by Staff writer 18-07-2019 | 4:31 PM
COLOMBO (News 1st) : මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඇදහැළෙන අධික වර්ෂාව හේතුවෙන් හැටන් කොටගල ප්‍රදේශයේ නිවාස කිහිපයක් ජලයෙන් යට වී ඇතැයි අප වාර්තාකරු සඳහන් කළේ ය. ඔහු සඳහන් කළේ, හැටන් කොටගල ප්‍රදේශයේ පහත් බිම් රැසක් ජලයෙන් යට වී ඇති බවයි. මේ අතර ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කර තිබේ. ආපදා කළමනකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ,මේ හේතුවෙන් ජලාශය පහළ කැලණිගඟ දෙපස ජනතාව විමසිලිමත් විය යුතු බවයි. මේ අතර පවතින වර්ෂාවත් සමග රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර සහ බලංගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා නායයාම් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබේ. ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නායයාම් අංශයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධිර මහතා සඳහන් කළේ, රත්නපුර වේවැල්වත්ත මාර්ගය සඳහා ද අවදානම් නිවේදන නිකුත් කර ඇති බවයි.