බෙහෙත් කොටන තුවක්කුවක් පත්තුවීමෙන් තරුණයෙකු මරුට

බෙහෙත් කොටන තුවක්කුවක් පත්තුවීමෙන් තරුණයෙකු මරුට

by Chathuranga Rajapaksha 18-07-2019 | 11:13 AM
COLOMBO (News 1st) : පැල්මඩුල්ල ප්‍රදේශයේදී බෙහෙත් කොටන තුවක්කුවක් පත්තුවීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ අදාළ පුද්ගලයා බඳින තුවක්කුවට වෙඩි බෙහෙත් පුරවමින් සිටියදී එය පුපුරා යාමෙන් මෙම අනතුර සිදුව ඇති බව ය. එලෙස මියගිය පුද්ගලයාගේ වයස අවුරුදු 29 කි. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරික්ෂණ ක්‍රියාත්මකයි.