නුවරඑළියේදී ජල පහරකට හසු වූ දැරියක් මරුට

නුවරඑළියේදී ජල පහරකට හසු වූ දැරියක් මරුට

by Staff writer 18-07-2019 | 6:44 PM
COLOMBO (News 1st): නුවරඑළිය, ආගරපතන, ටොරින්ටන් වත්ත ප්‍රදේශයේ අතුරු මාර්ගයේ හමුවන බෝක්කුවක් අසල ජලය පිටාර ගලමින් තිබියදී එම ස්ථානයෙන් ගමන් ගත් දැරියන් දෙදෙනකු ජල පහරකට හසුව ගසාගෙන ගොස් තිබේ. පොලීසිය පැවසුවේ සිද්ධියෙන් එක් දැරියක් මියගොස් ඇති බව ය. අනෙක් දැරිය අතුරුදන්ව ඇති අතර ඇය සොයා සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක බව පොලිසිය සඳහන් කළේය. අතිරේක පන්තියකට ගොස් පැමිණෙමින් සිටියදී මෙම දැරියන් දෙදෙනා ජල පහරට හසුව තිබේ. ඔවුන් 10 සහ 11 හැවිරිදි එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙකි.