තැපැල් සේවක වර්ජනය අඛණ්ඩව...

තැපැල් සේවකයින් සහ ඇමති අතර සාකච්ඡා අසාර්ථකයි

by Staff writer 18-07-2019 | 9:12 AM
COLOMBO (News 1st): අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් සිය වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව සිදු කරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති සන්ධානය පවසයි. එහි කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසුවේ ඊයේ පස්වරුවේ තැපැල් අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවේදී සිය ඉල්ලීම් සඳහා සාධනීය පිළිතුරක් නොලැබුණු බව ය. තැපැල් සේවකයින් ආරම්භ කර ඇති වැඩවර්ජනය හේතුවෙන්, මේ වනවිට ලිපි එක් ලක්ෂ තිස්පන්දහසකට අධික සංඛ්‍යාවක් මධ්‍යම තැපැල් හුවමාරුවේ ගොඩ ගැසී ඇතැයි තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි. ඔහු සඳහන් කළේ, ඒ අතර ලියාපදිංචි ලිපි තිස්පන්දහසකට අධික සංඛ්‍යාවක් ද වන බව ය. පෙරේදා පස්වරු 4.00ට ආරම්භ කළ තැපැල් සේවක වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අද පස්වරු 4.00ට අවසන් වීමට නියමිත වේ.