ගම්මැද්ද ගෙයින් ගෙට සිව්වැනි අදියර අද සිට...

ජනතා ගැටලු සොයමින් ගම්මැද්ද ගෙයින් ගෙට සිව්වැනි අදියර අද සිට ඔබ හමුවට...

by Staff writer 18-07-2019 | 9:01 AM
COLOMBO (News 1st): මහජන ගැටලුවලට සංවේදී සැබෑ බලකායක අවශ්‍යතාව සපුරමින් ඇරඹුණු ගම්මැද්ද නැවතත් අද සිට මහජනතාව හමුවීමට සූදානම්. ඒ, ගම්මැද්ද ගෙයින් ගෙට ක්‍රියාන්විතයේ සිව්වැනි අදියර තුළිනි. ගම්මැද්ද ගෙයින් ගෙට වැඩසටහන, මින් පෙර අදියර 3කදීම දිවයිනම ආවරණයවන පරිදි ක්‍රියාත්මක කෙරුණේ විසඳුම් නොමැති මහජන ගැටලු රැසක් හඳුනා ගනිමිනි. අනතුරුව මෙරට පරිත්‍යාගශීලීන් හා එක්වෙමින් එම ගැටලුවලට කඩිනම් විසඳුම් ලබා දීමට ගම්මැද්දෙන් කටයුතු කළේය. ජනතාව මෙන්ම, රටේ ප්‍රමුඛ ආයතන හා සංවිධාන රැසක් මෙහිදී අප සමග එක් වූ අතර ඒ සියල්ලන්ට අපගේ ප්‍රණාමය හිමිවේ. විවිධ ප්‍රදේශවල වැඩ අවසන් කෙරුණු ව්‍යාපෘති දෙස විමසුම් ඇස යොමු කරන විට, මේ දීපව්‍යාප්ත මෙහෙයුමේ සාර්ථකත්වය ඉතා පැහැදිලියි. අද සිට ගම්මැද්ද ගෙයින් ගෙට ක්‍රියාන්විතය යළි ත් දියත් කෙරෙන්නේ දිස්ත්‍රික්ක 25 ම ආවරණය වන පරිද්දෙනි. පෙර අවස්ථාවලදී මෙන්ම මෙවරත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථීන් ගම්මැද්ද ගෙයින් ගෙට වැඩසටහන හා එක්වීම විශේෂත්වයකි.