ලිපි එක් ලක්ෂ තිස්පන්දහසකට අධික සංඛ්‍යාවක් ගොඩගැසේ

ලිපි එක් ලක්ෂ තිස්පන්දහසකට අධික සංඛ්‍යාවක් මධ්‍යම තැපැල් හුවමාරුවේ ගොඩ ගැසේ

by Staff writer 17-07-2019 | 12:48 PM
තැපැල් සේවකයින් ආරම්භ කර ඇති වැඩවර්ජනය හේතුවෙන්, මේ වන විට ලිපි එක් ලක්ෂ තිස්පන්දහසකට අධික සංඛ්‍යාවක් මධ්‍යම තැපැල් හුවමාරුවේ ගොඩ ගැසී තිබේ. තැපැල්පති රංජිත් ආරියරත්න මහතා ප්‍රකාශ කළේ, ඒ අතර, ලියාපදිංචි ලිපි තිස්පන්දහසකට අධික සංඛ්‍යාවක් ද වන බවයි. වර්ජනයේ නිරත සේවකයින් සහ තැපැල් අමාත්‍යවරයා අතර, අද පස්වරුවේ සාකච්ඡාවක් පැවැත්වෙන බවද, තැපැල්පතිවරයා පැවසුවේය. ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති සන්ධානය විසින් ඊයේ (16) පස්වරු 4 සිට හෙට(18) පස්වරු 4 දක්වා  මෙම සංඛේත වැඩවර්ජනය ආරම්භ කළේ, ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමිනි.