විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවතට

රවින්ද්‍ර විජේගුණරත්නට පැන වූ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කෙරේ

by Staff writer 17-07-2019 | 5:26 PM

COLOMBO (News 1st) - ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතාට විදේශගතවීම තහනම් කරමින් නිකුත් කළ නියෝගය කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද තාවකාලිකව ඉවත් කර තිබේ.

ඒ, කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා විසිනි. මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ, අද සිට ලබන ඔක්තෝබර් මස 04 වැනි දා දක්වා විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙසයි. රජයේ සාක්ෂිකරුවෙකුට බලහත්කාරය පෑම සහ තර්ජනය කිරීම සම්බන්ධයෙන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතාට චෝදනා එල්ලවී ඇත.