සේවක වර්ජනයෙන් කොළඹ ලිපි බෙදීමට බාධා

මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවක වර්ජනයෙන් කොළඹ ලිපි බෙදීමට බාධා

by Staff writer 17-07-2019 | 7:09 AM
COLOMBO (News 1st) - මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයින් ආරම්භ කළ වැඩ වර්ජනය හේතුවෙන් කොළඹ ලිපි බෙදීමේ කටයුතුවලට බාධා මතුව තිබේ. ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසුවේ, ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ඊයේ පස්වරු 4.00 සිට හෙට පස්වරු 4.00 දක්වා මෙම සංකේත වැඩ වර්ජනය ක්‍රියාත්මක බව ය. මේ සම්බන්ධයෙන් තැපැල්පති රංජිත් ආරියරත්න මහතාගෙන් නිව්ස්ෆස්ට් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ, තැපැල් සේවකයින්ගේ ඉල්ලීම් සඳහා විසඳුම් යෝජනාවලියක් කැබිනට් මණ්ඩලයට යොමු කර ඇති බව ය. ඒ පිළිබඳව සේවකයින් දැනුවත් කර තිබියදී මෙම වැඩ වර්ජනය ආරම්භ කර ඇති බව ද තැපැල්පතිවරයා පැවසුවේ ය.