බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීම පිළිබඳ තීරණයක් අද

බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීම පිළිබඳ තීරණයක් අද

by Staff writer 17-07-2019 | 6:59 AM
COLOMBO (News 1st) - තිරිඟු පිටි මිල ඉහළ දැමීමත් සමග පාන් ඇතුළු තම නිෂ්පාදනවල මිල ගණන් ඉහළ දැමීම සම්බන්ධයෙන් අද දිනයේ තීරණයක් ගන්නා බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි. සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා සඳහන් කළේ, තිරිඟු පිටි මිල ඉහළ දැමීමත් සමග බේකරි නිෂ්පාදනවල මිළ ගණන් රුපියල් 3ත් 5ත් අතර මිලකින් ඉහළ දැමීමට අවශ්‍යතාව පැන නැගී ඇති බව ය. තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල ඊයේ සිට රුපියල් 07කින් ඉහළ දැමීමට ප්‍රීමා සහ සෙරන්ඩිබ් සමාගම් පියවර ගත්තේ ය. එම සමාගම් සඳහන් කළේ, නව මිල ගණන් සම්බන්ධයෙන් දිවයිනේ සියලු ම බෙදා හැරීමේ නියෝජිතයින් වෙත දැනුම් දී ඇති බව ය. සමාගම් විසින් රුපියල් 7කින් තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල ඉහළ දැමුව ද පැනවෙන බදු අනුව තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල තවදුරටත් ඉහළ යනු ඇති බව එම සමාගම් සඳහන් කළේ ය. එම සමාගම් ප්‍රකාශ කළේ, අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන් මීට මාස 7කට පෙර සිටම තිරිඟු පිටි මිල ඉහළ දැමීමට සැලසුම් කර තිබූ බව ය.