මත්ද්‍රව්‍ය ජාවාරම් කළ 3 දෙනෙකු අත්අඩංගුවට

පොලිස් මෙහෙයුම්වලින් මත්ද්‍රව්‍ය ජාවාරම් කළ 3 දෙනෙකු අත්අඩංගුවට

by Staff writer 17-07-2019 | 9:51 AM
COLOMBO (News 1st) - මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු කාන්තාවක ඇතුළු සැකකරුවන් 3 දෙනෙකු දිවයිනේ විවිධ ප්‍රදේශවල කළ මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, පෑලියගොඩ හා ගම්පහ පොලිස් බල ප්‍රදේශවල කළ වැටලීමකදී ඔවුන් අත්අඩංගුවට ගත් බව ය. පෑලියගොඩදී අත්අඩංගුවට ගත් සැකකරු හා සැකකාරිය සතුව තිබී සොයා ගෙන ඇති හෙරොයින් ප්‍රමාණය ග්‍රෑම් 40යි මිලිග්‍රෑම් 220කි. ගම්පහ කටුගස්තර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී ගන්ජා මිශ්‍ර මදන මෝදක ගුලි 1150ක් සොයා ගෙන ඇති අතර ඒවායේ බර කිලෝග්‍රෑම් 11කට අධික ය.