සමන් දිසානායකගේ අපේක්ෂිත ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වේ

පොලිස් කොමිසමේ ලේකම් සමන් දිසානායක මහතාගේ අපේක්ෂිත ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි

by Staff writer 17-07-2019 | 11:12 AM
ජාතික පොලිස් කොමිසමේ ලේකම් සමන් දිසානායක මහතාගේ අපේක්ෂිත ඇප ඉල්ලීම කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද ප්‍රතික්ෂේප කර තිබේ. ඒ රංග දිසානායක මහතා හමුවේ එම ඉල්ලීම අද සලකා බැලු අවස්ථාවේදීය. ඇවන්ගාඩ් මැරිටයිම් සර්විසස් සමාගම විසින්, ගාල්ල මුහුදු තීරයේ පවත්වාගෙන ගිය නෞකාවේ අනවසර ගිනි අවි තිබීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමා අත්අඩංගුවට ගැනීමට නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට නියෝග කර ඇති බැවින් අපේක්ෂිත ඇපයක් ලබාදෙන ලෙස සමන් දිසානායක මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. පසුගිය 7 වැනිදා සමන් දිසානායක මහතා ඇතුලු සැකකරුවන් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන ගිනි අවි පනත යටතේ  ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට නියෝග කර තිබිණ. ඒ අනුව, සමන් දිසානායක මහතා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ අදාළ අපේක්ෂිත ඇප අයදුම්පත ගොනුකර තිබුණේ පසුගිය 8 වැනිදායී.