පැය 24 ක් තුළ බීමත් රියැදුරන් 139 ක් අත්අඩංගුවට

පැය 24 ක් තුළ බීමත් රියැදුරන් 139 දෙනෙකු අත්අඩංගුවට

by Staff writer 17-07-2019 | 3:39 PM

COLOMBO (News 1st) - දින 12 තුළ සිදු කළ මෙහෙයුම්වලින් බීමත් රියැදුරන් 3493 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ඒකකය පැවසුවේ, දිවයින පුරා බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් පසුගිය 5 වැනි දා ආරම්භ කළ බවය. අද උදෑසන 6.00 න් අවසන් වූ පැය 24 තුළ පමණක් බීමත් රියැදුරන් 139 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේ ය.