ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 17-07-2019 | 6:39 AM
COLOMBO (News 1st)  දේශීය පුවත් 1. තවත් අමෙරිකානු භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ ඊයේ අලුයම පිටව ගොස් තිබේ. 2. යටත් විජිත ඉතිහාසයක් සහිත රටවල් වන චීනය හා ශ්‍රී ලංකාව බටහිර හා බාහිර බලවේගයන් පිළිබඳව ඉතාමත් අවධානයෙන් පසුවිය යුතු බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පෙන්වා දෙයි. 3. චීනයේ ඛනිජ තෙල් හා රසායනික සංස්ථාව හෙවත් සිනොපෙක් ආයතනය මෙරට ඉන්ධන සමාගමක් ආරම්භ කිරීමට තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය ඊයේ වාර්තා කළේ ය. 4. තැපැල් සේවකයින් ඊයේ සවස 4.00 සිට ක්‍රියාත්මක වන පරිදි වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ. 5. ප්‍රබල පාතාල කල්ලි නායක මාකඳුරේ මධුෂ්ගෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය ප්‍රශ්න කිරීම් ආරම්භ කර තිබේ. 6. තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල ඊයේ සිට රුපියල් 7කින් ඉහළ දැමීමට ප්‍රීමා සහ සෙරන්ඩිබ් සමාගම් තීරණය කර තිබේ. විදෙස් පුවත් 7. ප්‍රජාතන්ත්‍රවාදී කොංග්‍රස් කාන්තාවන්ගෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට දැඩි විවේචන එල්ල වී තිබේ. ක්‍රීඩා පුවත් 8. 2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමි කර ගත් ඔයින් මෝගන් ප්‍රමුඛ එංගලන්ත කණ්ඩායම එරට අග්‍රාමාත්‍ය තෙරේසා මේ මහත්මිය හමුව තිබේ.