අනුරාධපුරයේ රිය අනතුරකින් 17 දෙනෙකුට තුවාල

අනුරාධපුරයේ රිය අනතුරකින් 17 දෙනෙකුට තුවාල

by Staff writer 17-07-2019 | 6:49 AM
COLOMBO (News 1st) - අනුරාධපුර සාවස්තිපුර රත්මලේ හන්දිය ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් ළමුන් දෙදෙනෙකු ඇතුළු 17 දෙනෙකු තුවාල ලබා තිබේ. පොලීසිය ප්‍රකාශ කළේ, ලොරි රථයක් වැරදි ලෙස පසුකර යාමට තැත් කළ වෑන් රථයක් එම ලොරි රථයේ ම ගැටීමෙන් අනතුර සිදුව ඇති බව ය. අනතුරින් වෑන් රථයේ ගමන් කළ කාන්තාවන් 13 දෙනෙකු, ළමුන් දෙදෙනෙකු සහ රියැදුරා ද තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුළත් කර තිබේ. ඉන් කාන්තාවන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව පොලීසිය ප්‍රකාශ කළේ ය. ඔවුන් ගම්පහ කිරිඳිවෙල ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසකි. අනතුරින් ලොරි රථයේ රියැදුරා ද තුවාල ලබා ඇති අතර ඔහු ද මේ වන විට රෝහල්ගත කර තිබේ. අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක ය.