අධි විදුලිය නිසා ඉබ්බාගමුව විදුලි උපකරණවලට හානි

අධි විදුලි ධාරාවක් හේතුවෙන් ඉබ්බාගමුව විදුලි උපකරණවලට හානි

by Staff writer 17-07-2019 | 1:18 PM
අධි විදුලි ධාරාවක් හේතුවෙන් කුරුණෑගල ඉබ්බාගමුව ප්‍රදේශයේ නිවාස රැසක විදුලි උපකරණවලට හානි සිදුව තිබේ අප වාර්තාකරු පැවසුවේ ඉබ්බාගමුව බොලගම ප්‍රදේශයේ නිවාස 20ක පමණ විදුලි උපකරණ විනාශ වී ඇති බවයි. රූපවාහිනි යන්ත්‍ර, ශීතකරණ ඇතුළු උපකරණ රැසකට අධි විදුලි ධාරාව හේතුවෙන් හානි සිදුව තිබේ. අප වාර්තාකරු පැවසුවේ සෑම නිවසකටම රුපියල් පනස් දහස ඉක්මවූ අලාභයක් සිදුව ඇති ආකාරය දක්නට ලැබුණු බවයි. සිද්ධිය වූ අවස්ථාවේදීම ප්‍රදේශවාසීන් ලංකා විදුලිබල මණ්ඩලයේ ගොකරැල්ල කාර්යාලය දැනුවත් කර ඇතත් යහපත් ප්‍රතිචාරයක් ලැබී නැහැ. https://www.facebook.com/NewsfirstSL/videos/469943066901598/