ලිපි එක් ලක්ෂ තිස්පන්දහසකට අධික සංඛ්‍යාවක් මධ්‍යම තැපැල් හුවමාරුවේ ගොඩ ගැසේ

ලිපි එක් ලක්ෂ තිස්පන්දහසකට අධික සංඛ්‍යාවක් මධ්‍යම තැපැල් හුවමාරුවේ ගොඩ ගැසේ

ලිපි එක් ලක්ෂ තිස්පන්දහසකට අධික සංඛ්‍යාවක් මධ්‍යම තැපැල් හුවමාරුවේ ගොඩ ගැසේ

කර්තෘ Staff writer

17 Jul, 2019 | 12:48 pm

තැපැල් සේවකයින් ආරම්භ කර ඇති වැඩවර්ජනය හේතුවෙන්, මේ වන විට ලිපි එක් ලක්ෂ තිස්පන්දහසකට අධික සංඛ්‍යාවක් මධ්‍යම තැපැල් හුවමාරුවේ ගොඩ ගැසී තිබේ.

තැපැල්පති රංජිත් ආරියරත්න මහතා ප්‍රකාශ කළේ, ඒ අතර, ලියාපදිංචි ලිපි තිස්පන්දහසකට අධික සංඛ්‍යාවක් ද වන බවයි.

වර්ජනයේ නිරත සේවකයින් සහ තැපැල් අමාත්‍යවරයා අතර, අද පස්වරුවේ සාකච්ඡාවක් පැවැත්වෙන බවද, තැපැල්පතිවරයා පැවසුවේය.

ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති සන්ධානය විසින් ඊයේ (16) පස්වරු 4 සිට හෙට(18) පස්වරු 4 දක්වා  මෙම සංඛේත වැඩවර්ජනය ආරම්භ කළේ, ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමිනි.

 

 

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]