යුරෝපා කොමිසමේ නව සභාපති ලෙස ප්‍රථම වරට කාන්තාවක් තේරී පත් වෙයි

යුරෝපා කොමිසමේ නව සභාපති ලෙස ප්‍රථම වරට කාන්තාවක් තේරී පත් වෙයි

යුරෝපා කොමිසමේ නව සභාපති ලෙස ප්‍රථම වරට කාන්තාවක් තේරී පත් වෙයි

කර්තෘ Staff writer

17 Jul, 2019 | 7:21 am

(News 1st) – ජර්මනියේ උර්සුලා වොන් ඩර් ලේයන් යුරෝපා කොමිසමේ නව සභාපතිවරිය ලෙස තේරීපත් විය.

ඒ, එම ධූරයට පත් ප්‍රථම කාන්තාව බවට ඉතිහාසගත වෙමිනි.

යුරෝපා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් අතර පැවති රහසිගත ඡන්දයකදී තියුණු තරගයකින් අනතුරුව උර්සුලා වොන් ඩර් ලේයන් මෙම තනතුරට පත් වූ බව සඳහන් ය.

යුරෝපා කොමිසමේ සභාපති ජීන් ක්ලෝඩ් ජන්කර් ලබන නොවැම්බර් මස 1 වන දින සිය ධූරයෙන් ඉවත් වූ පසු ඇය එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිත ය.

එක්සත් සහ ශක්තිමත් යුරෝපයක් ගොඩනැගීමේ සිය වගකීම දැන් ඇරඹෙන බවත් ඒ සඳහා එක්ව කටයුතු කිරීමට සහය වන ලෙසත් ඡන්දයෙන් පසුව උර්සුලා වොන් ඩර් ලේයන් සඳහන් කළා ය.

බ්‍රසල්ස් නුවර උපත ලැබූ ඇය දරුවන් 7 දෙනෙකුගේ මවක වන අතර දේශපාලනයට පිවිසීමට පෙර ප්‍රසව සහ නාරි වෛද්‍යවරියක ලෙස කටයුතු කළා ය.

සමාජ සුබ සාධනය, දරිද්‍රතාවය දුරලීම සහ කාන්තා අයිතිවාසිකම් සුරැකීම සම්බන්ධයෙන් යුරෝපා සංගමය විශාල කාර්යභාරයක් ඉටු කිරීමට යොමු කරන බවට උර්සුලා වොන් ඩර් ලේයන් ප්‍රතිඥා දී තිබිණි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]