by Staff writer 17-07-2019 | 11:21 AM
තම අවසරයකින් තොරව තිරිඟු පිටි මිල ඉහළ දැමීමට එරෙහිව ප්‍රීමා හා සෙරන්ඩිබ් සමාගම්වලට නඩු පවරන බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි. තිරිගු පිටි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යක් ලෙස නම් කර ඇති බවද එහි අධ්‍යක්ෂ ජනරාල් එම් එම් ෆවුසර් මහතා සදහන් කළේය.
ඒ අනුව, තිරිගු පිටිවල වැඩි කිරීම සදහා පාරිභෝගික කටයුතු අධිකාරියේ අවසරය අත්‍යවශ්‍ය බව ඔහු සදහන් කළේය.
තිරිගු පිටි කිලෝ ග්රෑමයක මිළ ඊයේ සිට රුපියල් 07 කින් ඉහළ දැමීමට ප්‍රීමා සහ සෙරන්ඩිබ් සමාගම් පියවර ගත් අතර දිවයිනේ සියළුම නව මිල ගණන් සම්බන්ධයෙන්, බෙදා හැරීමේ නියෝජිතයන් වෙත දැනුම් දී ඇති බව ද එම සමාගම් සඳහන් කළේය.
සමාගම් විසින් රුපියල් 7 කින් තිරිගු පිටි කිලෝග්රෑමයක මිල ඉහළ දැමුව ද, පැනවෙන බදු අනුව, තිරිඟු පිටි කිලෝ ග්රෑමයක මිල තවදුරටත් ඉහළ යනු ඇති බව එම සමාගම් සඳහන් කරයි.
ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අවප්‍රමාණය වීම හේතුවෙන්, මීට මාස 7කට පෙර සිටම තිරිගු පිටි මිල ඉහළ දැමීමට සැලසුම් කර තිබු බව ද එම සමාගම් සඳහන් කරයි.
කෙසේ වෙතත් පාරිභෝගික අධිකාරිය සදහන් කළේ වැඩිකළ මිළට තිරිගු පිටි අලෙවි කරන වෙළදුන් සොයා වැටලීම් ආරම්භ කරන බවයි.
පාරිභෝගික කටයුතු අධිකාරියේ අවසරයකින් තොරව මිළ වැඩි කිරීම සම්බන්ධයෙන් අදාළ සමාගම්වලට එරෙහිව මීට පෙරද නඩු පවරා ඇති අතර එහි තීන්දුව මෙතෙක් ලබා දී නැහැ.