රුහුණේ පීඨ 3ක් හෙට යළි විවෘත කෙරේ

රුහුණු සරසවියේ වසා දැමුණු පීඨ 3 ක් යළි විවෘත කෙරේ

by Staff writer 16-07-2019 | 9:17 AM

COLOMBO (News 1st) - තාවකාලිකව වසා දැමුණු රුහුණු විශ්වවිද්‍යාලයේ වැල්ලමඩම පරිශ්‍රයේ පිහිටි පීඨ තුනක් හෙට යළි විවෘත කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව විද්‍යා පීඨය, ධීවර, සාගර විද්‍යා හා තාක්ෂණ පීඨය සහ පශ්චාත් උපාධි පීඨය හෙට දිනයේ විවෘත කෙරෙනු ඇති. නේවාසිකාගාර පහසුකම් ලබා සිටින සිසුන් අද දහවල් 12 සිට නේවාසිකාගාර වෙත වාර්තා කළ යුතු වේ. විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් කලහාකාරි ලෙස හැසිරෙමින් එහි දේපොළවලට හානි කර සේවකයින්ට පහරදීමේ සිද්ධින් කිහිපයක් වාර්තාවීම හේතුවෙන් සෙසු සිසුන්ගේ සහ සේවකයින්ගේ ආරක්ෂාව සඳහා වැල්ලමඩම පරිශ්‍රයේ සියලු පීඨ දින නියමයක් නොමැතිව වසා දැමීමට පසුගිය දා පියවර ගැනුණි.