මධුෂ්ගෙන් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය ප්‍රශ්න කරයි

මධුෂ්ගෙන් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය ප්‍රශ්න කරයි

by Staff writer 16-07-2019 | 4:43 PM
COLOMBO (News 1st) - ප්‍රබල පාතාල කල්ලි නායක මාකඳුරේ මධුෂ්ගෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය ප්‍රශ්න කිරීම් ආරම්භ කර තිබේ. පොලීසිය ප්‍රකාශ කළේ, ඒ සඳහා විශේෂ කණ්ඩායමක් අනියුක්ත කර ඇති බව ය. රට තුළ ක්‍රියාත්මක වූ ඇතැම් මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් මාකඳුරේ මධුෂ්ගෙන් දීර්ඝ වශයෙන් ප්‍රශ්න කිරීමට නියමිත බව ද පොලීසිය ප්‍රකාශ කළේ ය. ඒ අනුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය තවදුරටත් ඉදිරි සති දෙක ඇතුළත ඔහුගෙන් ප්‍රශ්න කිරීමට නියමිත ය. මාකඳුරේ මධුෂ් ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කර මෙරටට පැමිණි අවස්ථාවේ පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයට ගැනිණි.