මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයින් වර්ජනයක ?

මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයින් වර්ජනයකට සැරසෙයි

by Staff writer 16-07-2019 | 9:22 AM

COLOMBO (News 1st) - ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද පස්වරු 4.00 සිට මධ්‍යම තැපැල් හුවමාරුවේ රාජකාරිවලින් ඉවත්වීමේ සංකේත වැඩ වර්ජනයක නිරත වන බව ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති සන්ධානය පවසයි.

එහි කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ, අනිද්දා පස්වරු 4.00 වන තුරු එය ක්‍රියාත්මක බවය. මේ සම්බන්ධයෙන් තැපැල්පති රංජිත් ආරියරත්න මහතාගෙන් අප නිව්ස් ෆස්ට් විමසීමක් කළෙමු. ඔහු සඳහන් කළේ, ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩ වර්ජනය සම්බන්ධයෙන් වෘත්තීය සමිති තමාට දැනුම් දුන් බවයි. මධ්‍යම තැපැල් හුවමාරුවේ කටයුතු විධිමත්ව පවත්වාගෙන යාම සඳහා සියලු ක්‍රියාමාර්ග ගන්නා බව ද තැපැල්පතිවරයා සඳහන් කළේ ය.