ට්‍රම්ප්ට දැඩි විවේචන

ප්‍රජාතන්ත්‍රවාදී කොංග්‍රස් කාන්තාවන්ගෙන් ට්‍රම්ප්ට දැඩි විවේචන

by Staff writer 16-07-2019 | 8:10 AM

News 1st - ප්‍රජාතන්ත්‍රවාදී කොංග්‍රස් කාන්තාවන්ගෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට දැඩි විවේචන එල්ල වී තිබේ.

ප්‍රජාතන්ත්‍රවාදී කොංග්‍රස් කාන්තාවන් සඳහන් කළේ, තමන් ජාතිවාදය වපුරන බවට චෝදනා කරමින් අමෙරිකානු ජනාධිපතිවරයා ට්විටර් පණිවුඩ නිකුත් කර ඇති බවයි. අවශ්‍ය නම් ඔවුන්ට අමෙරිකානු පුරවැසිභාවය අතහැර යා හැකි බව ද අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එම ට්විටර් පණිවුඩ ඔස්සේ සඳහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. ප්‍රජාතන්ත්‍රවාදී කොංග්‍රස් කාන්තාවන් සඳහන් කළේ, දේශසීමාවේ රඳවා සිටින සංක්‍රමණිකයින් පිළිබඳ ගැටලුව සෞඛ්‍ය සත්කාර සහ අධ්‍යාපනය ආශ්‍රිතව පවතින ගැටලු මෙන්ම පොදු ගැටලු පිළිබඳව තමන් තවදුරටත් පෙනී සිටින බවයි. එම කාරණා වෙනුවෙන් පෙනී සිටින තමන්ට ජාතිවාදය වපුරන්නේ යැයි අමෙරිකානු ජනාධිපතිවරයා චෝදනා කරන්නේ නම් තමන් නිහඬව නොසිටින බව ද ප්‍රජාතන්ත්‍රවාදී කොංග්‍රස් කාන්තාවන් පෙන්වා දෙති.