දින 11ක් තුළ බීමත් රියැදුරන් 3354ක් අත්අඩංගුවට

දින 11ක් තුළ පොලිස් මෙහෙයුම්වලින් බීමත් රියැදුරන් 3354 දෙනෙකු අත්අඩංගුවට

by Staff writer 16-07-2019 | 4:02 PM
COLOMBO (News 1st) - දින 11ක් තුළ සිදු කළ මෙහෙයුම්වලින් බීමත් රියැදුරන් 3354 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ, දිවයින පුරා බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් පසුගිය 5 වන දා ආරම්භ කළ බව ය. අද උදෑසන 6.00න් අවසන් වූ පැය 24 තුළ පමණක් බීමත් රියැදුරන් 200 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේ ය.