ගෝඨාභය ගැන මහින්ද කියූ දේ

ගෝඨාභය ගැන මහින්ද කියූ දේ

by Staff writer 16-07-2019 | 5:19 PM
COLOMBO (News 1st) - සෑම පුන් පොහෝ දිනකම කාල්ටන් නිවසේ පැවැත්වෙන අමාදම් සිසිල ධර්ම දේශනා පිංකම 190 වන වරට අද පැවැත්විණි. ඒ, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ද සහභාගීත්වයෙනි. මෙවර ධර්ම දේශනාමය පිංකම සිදු කෙරුණේ, පොළොන්නරුව පුරාණ ඉසිපතනාරාම විහාරවාසී පූජ්‍ය මාතලේ අනෝමදස්සි හිමියන්ගේ වැඩම වීමෙනි. ධර්ම දේශනාමය පිංකමෙන් අනතුරුව යුද හමුදාවේ විශ්‍රාමික නිලධාරීන්ගෙන් සැදුම්ලත් ශ්‍රී ලංකා ජාතික රණවිරු බලවේගය නමැති සංවිධානයක් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා වෙත සංදේශයක් ද භාර දුන්නේ ය. ඔවුන් එම සංදේශය භාර දෙමින් විපක්ෂ නායකවරයාගෙන් ඉල්ලා සිටියේ, ඉදිරි ජනාධිපතිවරණය සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන ලෙස ය. ඉදිරි ජනාධිපතිවරණ අපේක්‍ෂකයා තවමත් තීරණය කර නොමැති බවත් අදාළ ඉල්ලීම සලකා බලන බවත් මෙහිදී මහින්ද රාජපක්ෂ මහතා එම විශ්‍රාමික හමුදා නිලධාරීන්ට දැනුම් දුන්නේ ය.