උතුරු මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

උතුරු මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

by Staff writer 16-07-2019 | 10:09 AM

COLOMBO (News 1st) - උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් හටගෙන තිබේ.

දුම්රිය පාලක මැදිරිය පැවසුවේ, අද උදෑසන 6.20 ට පමණ අනුරාධපුර අංගනයේ දුම්රිය එන්ජිමක් පීළි පැනීම ඊට හේතුවී ඇති බවයි. ඒ හේතුවෙන් දැනටමත් වවුනියාවේ සිට කොටුව බලා ධාවනය වූ දුම්රිය ප්‍රමාද වී ඇතැයි පාලක මැදිරි සඳහන් කළේ ය. එන්ජිම පීළිගත කරන තෙක් උතුරු මාර්ගයේ දුම්රිය ප්‍රමාදය පැවැතිය හැකි බව පාලක මැදිරිය පවසයි.