ඇසළ පුර පසළොස්වක පොහොය අද යි

ඇසළ පුර පසළොස්වක පොහොය අද යි

by Staff writer 16-07-2019 | 6:29 AM

COLOMBO (News 1st) - ශාසනික ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ ඇසළ පුර පසළොස්වක පොහෝ දිනය අදට යෙදී තිබේ.

ඒ වෙනුවෙන් දිවයිනේ සෑම වෙහෙර විහාරස්ථානයකම ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් විවිධ ආගමික වැඩසටහන් ක්‍රියාත්මකය. වෙසතුරු ආත්මභාවයෙන් පසු තුසිත දෙව්ලොව උපත ලැබූ බෝසතුන් මහාමායා දේවියගේ කුස පිළිසිඳ ගත්තේ ඇසළ පුර පසළොස්වක පොහොය දිනකදීයි. සිදුහත් කුමරු සතර පෙර නිමිති දැක ගිහිගෙය කලකිරී මහාභිනිෂ්ක්‍රමණය කළේ ද ඇසළ පුන්පොහෝ දිනක බව බෞද්ධ පොත පතේ සඳහන් විය.