ප්‍රදේශ රැසකට මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි

අද සිට වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක්..

by Staff writer 16-07-2019 | 6:18 AM

COLOMBO (News 1st) - දිවයිනේ, නිරිත දිග කොටසේ වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් ජූලි මස 16 වන දා සිට 19 වන දා දක්වා බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

වයඹ, බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවල විටින් විට පැයට කි.මී. 50 පමණ තරමක තද සුළං ද ඇති විය හැකිය. බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වර්ෂාපතනයන් අපේක්ෂා කළ හැකි වේ.