හේමසිරි ප්‍රනාන්දුගෙන් CID යට පැය 9 ක ප්‍රකාශයක්

හේමසිරි ප්‍රනාන්දුගෙන් CID යට පැය 9 ක ප්‍රකාශයක්

by Staff writer 16-07-2019 | 11:06 AM

COLOMBO (News 1st) - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාගෙන් පැය 9 කට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබාගෙන තිබේ.

ඒ, අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරන විමර්ශනවලට අදාළවයි. පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේ, ඊයේ පෙරවරු 10.00 ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි හේමසිරි ප්‍රනාන්දු මහතාගෙන් රාත්‍රි 7.00 පමණ වන තෙක් එම ප්‍රකාශය ලබාගත් බව ය.