මධුෂ්ගෙන් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය ප්‍රශ්න කරයි

මධුෂ්ගෙන් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය ප්‍රශ්න කරයි

මධුෂ්ගෙන් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය ප්‍රශ්න කරයි

කර්තෘ Staff writer

16 Jul, 2019 | 4:43 pm

COLOMBO (News 1st) – ප්‍රබල පාතාල කල්ලි නායක මාකඳුරේ මධුෂ්ගෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය ප්‍රශ්න කිරීම් ආරම්භ කර තිබේ.

පොලීසිය ප්‍රකාශ කළේ, ඒ සඳහා විශේෂ කණ්ඩායමක් අනියුක්ත කර ඇති බව ය.

රට තුළ ක්‍රියාත්මක වූ ඇතැම් මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් මාකඳුරේ මධුෂ්ගෙන් දීර්ඝ වශයෙන් ප්‍රශ්න කිරීමට නියමිත බව ද පොලීසිය ප්‍රකාශ කළේ ය.

ඒ අනුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය තවදුරටත් ඉදිරි සති දෙක ඇතුළත ඔහුගෙන් ප්‍රශ්න කිරීමට නියමිත ය.

මාකඳුරේ මධුෂ් ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කර මෙරටට පැමිණි අවස්ථාවේ පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයට ගැනිණි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]