by Staff writer 16-07-2019 | 5:37 PM
COLOMBO (News 1st) - තැපැල් සේවකයින් අද සවස 4.00 සිට ක්‍රියාත්මක වන පරිදි වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.
බඳවා ගැනීම්, උසස් වීම්, වැටුප් තල අහිමි කිරීම් ඇතුළු ගැටලු කිහිපයක් මුල් කර ගනිමින් මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේ ය.
චින්තක බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ, අනිද්දා පස්වරු 4.00 වන තුරු වැඩ වර්ජනය ක්‍රියාත්මක බවය.