උතුරු මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

උතුරු මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

උතුරු මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

කර්තෘ Staff writer

16 Jul, 2019 | 10:09 am

COLOMBO (News 1st) – උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් හටගෙන තිබේ.

දුම්රිය පාලක මැදිරිය පැවසුවේ, අද උදෑසන 6.20 ට පමණ අනුරාධපුර අංගනයේ දුම්රිය එන්ජිමක් පීළි පැනීම ඊට හේතුවී ඇති බවයි.

ඒ හේතුවෙන් දැනටමත් වවුනියාවේ සිට කොටුව බලා ධාවනය වූ දුම්රිය ප්‍රමාද වී ඇතැයි පාලක මැදිරි සඳහන් කළේ ය.

එන්ජිම පීළිගත කරන තෙක් උතුරු මාර්ගයේ දුම්රිය ප්‍රමාදය පැවැතිය හැකි බව පාලක මැදිරිය පවසයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]