වසරේ අවසාන චන්ද්‍රග්‍රහණය අද

අද ලංකිකයින්ට අර්ධ චන්ද්‍රග්‍රහණයක් දැක ගැනීමට අවස්ථාවක්

by Staff writer 16-07-2019 | 7:02 AM

COLOMBO (News 1st) - අද මධ්‍යම රාත්‍රියේ අර්ධ චන්ද්‍රග්‍රහණයක් දැකබලා ගැනීමේ අවස්ථාව මෙරට වැසියන්ට හිමි වේ.

මෙම අර්ධ චන්ද්‍රග්‍රහණය ශ්‍රී ලංකාවට මෙන්ම ඔස්ට්‍රේලියාව, අප්‍රිකාව, දකුණු අමෙරිකාව, යුරෝපයේ සහ ආසියාවේ බොහෝ රටවලට දක්නට ලැබෙන බව කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා සඳහන් කළේ ය. එය මේ වසරේ අවසාන චන්ද්‍රග්‍රහණය වන අතර පියවි ඇසට පෙනෙන මේ ආකාරයේ ඊළඟ චන්ද්‍රග්‍රහණය දැකගැනීමේ අවස්ථාව මෙරට වැසියන්ට හිමිවන්නේ 2021 මැයි 26 දිනයේ ය.