වඳුරව දුම්රිය හරස් මාර්ගයේ අනතුරක්

වඳුරව දුම්රිය හරස් මාර්ගයේ අනතුරකින් පියෙකු සහ දියණියක මරුට

by Staff writer 15-07-2019 | 8:59 AM
COLOMBO (News 1st) : වේයන්ගොඩ, වඳුරව අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේදී සිදුවූ අනතුරකින් පියෙකු සහ දියණියක මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ, අද පෙරවරු 6.30 ට ඔවුන් ගමන් ගත් යතුරු පැදිය ගල්කිස්ස සිට කන්කසන්තුරේ බලා ධාවනයවූ නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රියේ ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි. එලෙස මියගොස් ඇත්තේ, රද්දොළුගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 45 ක පියෙකු සහ 11 හැවිරිදි දියණියකයි. ඔවුන් ඥාතියෙකුගේ නිවසක් බලා ගමන් කරමින් සිටියදී මෙම අනතුරට මුහුණපා ඇතැයි පොලීසිය සඳහන් කළේ ය. ඔවුන්ගේ මළ සිරුරු මේ වන විට වතුපිටිවල රෝහලේ තැන්පත් කර තිබේ.