by Staff writer 15-07-2019 | 11:30 AM
COLOMBO (News 1st) : මෙරටට මත්ද්‍රව්‍ය රැගෙන ඒමේදී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසි දෙදෙනෙකු ලබන 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.
ඒ, එම සැකකරුවන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු සැකකරුවන් අතර ඉරාන ජාතිකයින් 9 දෙනෙක් ද වෙති.
හෙරොයින් කිලෝග්‍රෑම් 107 ක් සමග නාවික හමුදාව විසින් එම සැකකරුවන් 9 දෙනා අත්අඩංගුවට ගෙන තිබිණ.
බේරුවල ප්‍රදේශයේදී හෙරොයින් කිලෝග්‍රැම් 231 ක් සමග අත් අඩංගුවට ගත් සැකකරුවන් 8 දෙනෙක්, නැගෙනහිර මුහුදේදී හෙරොයින් කිලෝග්‍රෑම් 273 ක් සමග අත් අඩංගුවට ගත් 5 දෙනෙක් ද අද මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නියෝග කළා ය.