නවගත්තේගම වගා ළිඳක හිස් පතරොම් කොපු තොගයක්

නවගත්තේගම වගා ළිඳක හිස් පතරොම් කොපු තොගයක් සොයා ගැනේ

by Staff writer 15-07-2019 | 1:01 PM
COLOMBO (News 1st) : නවගත්තේගම, වගා ළිඳක තිබී මෝටාර් බෝම්බයක් සහ හිස් පතරොම් කොපු තොගයක් හමුවී තිබේ. ඊයේ අදාළ මෝටාර් බෝම්බය සහ පතොරම් දුටු පුද්ගලයකු ඒ බව පොලීසියට දැනුම් දී තිබිණ. අනුතුරුව පොලිස් විශේෂ කාර්ය බලකාය පැමිණ කළ පරීක්ෂා කරීමේ දී මෙම ද්‍රව්‍ය සොයා ගනු ලැබී ය. එහි මෝටාර් බෝම්යක් සහ ටී56 හිස් පතරොම් කොපු 9,960 ක් සොයා ගැනිණ. අප වාර්තාකරු පැවසුවේ, අධිකරණයෙන් ලබාගත් නියෝගයක් මත පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අදාළ මෝටාර් බෝම්බය පුපුරුවා හැරීමට කටයුතු කළ බවයි. හිස් පතොරම් කොපු තොගය වැඩිදුර විමර්ශන සඳහා නවගත්තේගම පොලීසියට භාර දී තිබේ.