ග්‍රෑන්ඩ්පාස්හිදී හෙරොයින් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

ග්‍රෑන්ඩ්පාස්හිදී හෙරොයින් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

by Staff writer 15-07-2019 | 8:02 AM
COLOMBO (News 1st) : ග්‍රෑන්ඩ්පාස් වදුල්ලවත්ත හන්දියේදී හෙරොයින් ග්‍රෑම් 300 යි මිලිග්‍රෑම් 600 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, එහිදී ඔවුන් සන්තකයේ තිබී රුපියල් ලක්ෂ 2 ක්ද සිය භාරයට ගත් බවයි. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 32 සහ 39 යන වයස්වල පසුවන පුද්ගලයින දෙදෙනෙකි. සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කර දින 7 ක රැඳවුම් නියෝග ලබාගැනීමට අපේක්ෂා කරන බව ද පොලීසිය සඳහන් කළේ ය. මේ අතර බොරැල්ල සහ පෑලියගොඩ ප්‍රදේශවලදී ද හෙරොයින් සමග සැකකරුවන් දෙදෙනෙකු හා සැකකාරියක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පැවසී ය.