අම්පාරේ වන අලි තර්ජන...

අම්පාරේ වන අලි තර්ජන...

by Sagarika Chathumali 15-07-2019 | 11:55 AM
COLOMBO (News 1st) : අම්පාර කරංගාව ගම්මානයේ ජනතාව වන අලි තර්ජනය හේතුවෙන් දැඩි අසීරුතාවයකට පත්ව සිටිති. ඔවුන් පැවසුවේ පවුල් 350 ට අධික ප්‍රමාණයක් ජීවත් වෙන මෙම ගම්මානට දීර්ඝ කාලයක සිට වන අලි තර්ජන පවතින බවයි. ගල්ඔය ඊසාන දිග අභයභූමියේ සිට මෙම වන අලීන් පැමිණෙන බව ජනතාව පවසයි. ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ වන අලින් ගම්මනයේ නිවාසවලට දැඩි ලෙස හානි සිදු කරන බවයි. මේ පිළිබදව බලධාරීන් දැනුවත් කළද මෙතෙක් නිසි පිළිතුරක් ඒ සඳහා ලැබී නොමැති බව ප්‍රදේශවාසීන් පවසයි. මේ අතර ගලෙන්බිදුණුවැව කිවුරේකඩ ගම්මානයේ ජනතාවද නිරන්තරයෙන් වන අලි තර්ජනවලට මුහුණු දෙයි. වන අලින් විසින් කුඹුරු සහ ගොඩ බෝග වගාවන් සියල්ලම විනාශ කරන බව ගම්මු චෝදනා කරති. රිටිගල , හුරුලු හා හබරන රක්ෂිත වලින් මෙම වන අලින් ගම්වදින බව ගම්වාසීහු පැවසූහ. අවස්ථා ගණනාවකදි බලධාරින් දැනුවත් කළ ද මෙතෙක් විසදුමක් ලැබී නොමැත.