by Staff writer 14-07-2019 | 4:10 PM
COLOMBO (News 1st) : විදේශීය මුදල් තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු මාළිගාවත්තේදී අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ, ඔවුන් සතුව තිබී සොයා ගත් මුදල්වල වටිනාකම රුපියල් ලක්ෂ 88කට අධික බවයි.
31 හැවිරිදි සැකකරුවන් මාළිගාවත්ත සහ කොළොන්නාව ප්‍රදේශවල පදිංචිකරුවන් ය.
සැකකරුවන් සතුව තිබී සොයා ගත් මුදල් අතර ජපන් යෙන්, කැනඩා ඩොලර් සහ ස්ටර්ලිං පවුම් ද වන බව පොලීසිය සඳහන් කළේ ය.
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.