හමුදා ජීප් රථයක් අනතුරට ලක් වීමෙන් සෙබළෙකු මරුට

මුලතිව්හිදී හමුදා ජීප් රථයක් අනතුරට ලක් වීමෙන් සෙබළෙකු මරුට

by Staff writer 14-07-2019 | 9:55 AM
COLOMBO (News 1st) - මුලතිව් වට්‍රාපලේ ප්‍රදේශයේදී හමුදා ජීප් රථයක් අනතුරට ලක් වීමෙන් සෙබළෙකු මිය ගොස් තවත් 9 දෙනෙකු තුවාල ලබා තිබේ. හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා සඳහන් කළේ, කාර්මික දෝෂයකට ලක් වූ ජීප් රථය පෙරළී යාමෙන් අනතුර සිදුව ඇති බව ය. අනතුරට ලක්ව ඇත්තේ, නිවාඩු ලබා නිවෙස් කරා පැමිණෙමින් සිටි පිරිසකි. ඔවුන් හමුදා ජීප් රථයකින් බස් රථය වෙත රැගෙන යන අතුරතුර අනතුර සිදුව ඇතැයි බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා සඳහන් කළේ ය. තුවාලකරුවෝ මුලතිව් රෝහලේ ප්‍රතිකාර ලබති.